Wednesday, July 13, 2016

හොද කෙල්ලෙක් සෙට් කරගන්න මෙහෙම try කරන්න - තමන්ට ගැලපෙන සුන්දර පෙම්වතියක් ලබාගන්නේ මෙහෙමයි



පේ සතුටේදී අප ලඟින් හිඳ සිනහ වන්නට, දුකේදී ඒ සියලූ දේ බෙදා හදාගන්නට, ජීවිතයේ අසීරු සමයන්හිදී සිතට සවියක් වන්නට හැකි ආදරණීය පෙම්වතියක් යනු ඕනෑම තරුණයෙකුගේ සිහිනයක්. නමුත් එවන් තැනැත්තියක් හඳුනාගන්නේ කෙසේද යන්න ඔබට තවම ගැටළුවක්ද? එසේනම් මේ ලිපිය ඔබ සඳහාමයි. ඔබට ගැලපෙන යුවතියක්, සොඳුරු පෙම්වතියක් සොයා ගැනීමට පහත කරුණු 10 ඔබට උපකාරී වේවි.


01තනිව සිටිනා කාලය විනෝදයෙන් ගත කරන්න



තනිකඩව සිටින කාලය විනොදය්න් ගත කරන්න. මිතුරු මිතුරියන් ඇසුරු කරන්න. තමන්ට පෙම්වතියක් නැති බව පවසමින් ‘නාහෙන් අඬන්නට’ යන්නට එපා. තරුණයෙකුට පෞර්ෂයක් සහ ආත්මාභිමානයක් තිබිය යුතුයි. එසේ නොමැතිව දකින දකින තරුණියන් ‘පස්සේ යාමෙන්’ ඔබේ ප්‍රතිරූපයට වන්නේ කැළලක්. එයින් අනෙක් ඇයට ඔබව ‘විහිළුවක්’ සේ පෙනෙනවා විනා ඇතිවන යහපතක් නැහැ.

එම නිසා ආදරය ඉල්ලා පස්සෙන් යනවාට වඩා ගැහැණු ළමුන් අතරින් හොඳ යෙහෙලියන් දැන හැඳින ගැනීමට උත්සාහ කරන්න.

02අනෙක් අයට උදව් කරන්න.


අනෙක් අයට කරුණාවන්ත වන්න. ඔබට හැකි අයුරින් උදව් කරන්න. නමුත් ගැහැණු ළමයෙක් සමඟ කල් ගෙවන විට ඇයට පෙනෙන්නට එවැනි දේවල් කරන්නට යන්න එපා. ගැහැණු ළමයින් එවන් දෑ ඉවෙන් මෙන් හඳුනාගැනීමට දක්ෂයි. ඔය කරුණාවන්ත අයෙකු නම් අනෙක් අය ඔබේ හොඳ පිළිබඳව කතා කරාවි. විට ඇයටත් සිතේවි ඔබ කෙතරම් කරුණාවන්ත අයෙක් ද කියා.


03නිතරම සම්බන්ධතා තබා ගන්න.



සිත් ගත් ගැහැණු ළමයෙකු ඔබට හමුවූවා නම් ඇය හා නිතරම කතා බහ කරන්න. හැකි සෑම වෙලාවකදීම ඇය ගැන සොයා බලන්න. ඔබට සිතුණ විට කතා කරන නැතිනම් දවස් ගණන් කතා නොකර සිටින වර්ගයේ අයෙකු වන්නට එපා.


04ප්‍රතික්ෂේප කිරීම්වලට බිය නොවන්න.





ඔබ ඇයට කැමති වූවාට ඇයත් ඒ ලෙසම ඔබට කැමති විය යුතු යැයි නියමයක් නැහැ, ඒ නිසා ඔබ ඇයට කැමතියි නම් ඒ බව සෘජුව ඇයට පවසන්න. ඇය ඔබේ යෝජනාව ප්‍රතික්ෂේප කළහොත් මහත්මයෙකු සේ ඇගේ තීරනරට ගරු කරන්න. පලි ගැනීම්, ඇය ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම් නියම පෙම්වතෙකුට තරම් වන ඒවා නොවෙයි.





05ඕනෑවට වඩා සිතන්නට යන්න එපා.


සිත් ගත් ගැහැණු ළමයෙකු හමුවුවහොත් බොහෝ තරුණයන් ‘එයාට boyfriend කෙනෙක් ඇති’ යැයි සිතා ඒම තරුණියව මග හැර සිටිනවා. එසේ නැතහොත් ‘එයා busy ඇති’, ‘එයා මම ගැන වැරදියට හිතයි’ ආදී දහසකුත් එකක් කාරනා සිතෙන් මවා ගන්නවා. එසේ කිරීම සුදුසු නැහැ.

06විනෝද වන්න.



ගැහැණු ළමයෙකු සමඟ ඕනෑවට වඩා serious වෙන්නට යන්න එපා. විනෝද වන්න, ඇයව සිනහ ගස්සන්න.


07මවාපෑම්වලින් වැළකෙන්න.


ඇය කියනා දෙයක් ඔබට වැටහෙන්නේ  නැත්නම් වැටහුණා ලෙස අඟවන්නේ නැතිව ඒ පිළිබඳව ඇයගෙන් විමසා පැහැදිලි කරගන්න.


08මිතුරු මිතුරියන් ඇසුරු කරන්න.



තනිකඩ ඔබ වැඩි වැඩියෙන් මිනිසුන් ආශ්‍රය කරනවා කියන්නේ ඔබ සතුව ඇති තෝරාගැනීම් අවස්ථා වැඩිවනවා මෙන්ම මිනිස් ස්වභාවය පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් හැකිවෙනවා යන්නයි. සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට එවන් අත්දැකීම් ඉතාම ප්‍රයෝජනවත් වනවා.


09ඔබේ බාහිර පෙනුම පිලිබඳ සැලකිලිමත් වන්න.



මේ කියන්නේ  මිල අධික ඇඳුම් අඳින්නට හෝ ආලේපන ගලවන්නට යන්න කියා නෙවෙයි. පිරිසිදුව, පිළිවෙලකට සිටින්න. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. එය ඔබේ ආත්ම විශ්වාසය වර්ධනයට ද හේතුවක් වනු ඇති.


10සෑම අයෙකු තුලම විශේෂත්වයක් දකින්න.



ඔඅබ ඇසුරු කරන ගැහැණු ළමයින්ට සංවේදී වන්න. ඔවුන් සතුව ඇති යහපත් ගුණාංග හඳුනා ගන්න. ඒවා අගය කරන්න.  ගැහැණු ළමයින් ඔබට ආකර්ෂණය වීම වැඩි වනවා ඇති.

1 comment:
Write comments
  1. හදිසියේම හම්බෙන කෙල්ලෙක් දාගන්න හැටි බලන්න..
    www.mastertaus.blogspot.com

    ReplyDelete

Sponser

Online