Saturday, July 23, 2016

අම්මාටත් පෙම් බැන්ද දුවගෙ පෙම්වතා - ගෙදර වැඩට හිටපු ඩ්‍රයිවර් අම්මටයි දුවටයි දෙන්නටම ශොට් එක දිලා




දරුවන්ගේ ලෝකයේ දුක් සුසුම් සොයා යන මාවතේ අපට මුණ ගැසෙන චරිත, සිදුවීම් සිතා ගතනොහැකි තරම් පුදුමාකාරයි. ජීවිතේ රහයි කියලා අපි යන්න හදන හැම මාවතකම අපි නොදකින, අපි නොසිතන දේවල්
රාශියක් තියෙනවා. ඒ මුණ ගැසුණ හැම චරිතයක් තුළම ඔබ මා නොදන්න ලොකු කතාවක් තිබුණා. ඒ හැම කථාවකම අවසානය විදිහට ඉතිරි වුණේ කඳුළ විතරයි. ඒ කඳුළටම සිනාවක් එක්කරන්න මේ සමාජයේ ඉඩක් නැතත්, ඒ කඳුළු කැට සිනාසෙන්න ගන්න උත්සාහය හරිම අව්‍යාජයි.


“උඔ මේ සමාජයේ අඳුරු වළකට පය තිබ්බේ මොකද්දෝ උඹ කරපු පවකට වෙන්න ඇති. මේ විසල් පොළවේ පය ගහන්න උfඕ හිත ශක්තිමත් වුණාට, උඹව බිලිගන්න මාන බලන සිල් ගත්ත කොක්කු හැම තැනම. ඒත් ජීවිතේ දැන් අසරණ වෙලා. ඒ වළෙන් ගොඩ එන්න පිදුරු ගහක් සොයනවා වෙනුවට, උඹ සෙව්වෙ සල්ලි. වැටුණට උඹ ඒ තත්ත්වයට, සාප කරනවා තුන් තිස්පැයේම මාපියන්ට...

ඇය නිලුකා. ඇය මට මේ මාවතේ මුණ ගැසුණ එක චරිතයක් විතරයි. ඒත් එබිලා බැලුවොත් හිස් තැන් ගොඩක් එක්ක කවුරුවත් නොසිතන අවනඩුවක් ඇගේ ජීවිතෙත් තිබුණා.

“මම බලකරන්නේ නැහැ. නිලුකා කැමැතිනම් විතරක් පවුලේ විස්තර කියන්න.”

පවුලේ මම විතරයි. මගේ තාත්තා ඇඟලුම් කර්මාන්තශාලාවක උසස් නිලයක් දරපු කෙනෙක්. මගේ අම්මා ගොඩක් ලස්සනයි. අම්මත් තාත්තගේ ෆැක්ටි්‍රයෙම කාලයක් රැකියාව කළා. පුංචි පුංචි ප්‍රශ්න වගයක් නිසා තාත්තගේ බලකිරීම මත අම්මා රැකියාවෙන් ඉවත් වුණා. තාත්තාගේ රැකියාවත් එක්ක තාත්තට ඉහළ වැටුපක් ලැබුණා. එකම දරුවා මා නිසා කිසිම දේකින් මට අඩුවක් පාඩුවක් තිබුණේ නැහැ.

අම්මා රැකියාවෙන් ඉවත් වුණාට පස්සේ අම්මා තාත්තාගෙන් ඉල්ලන හැමදේම තාත්තා දුන්නා. ඒ දෙන්නා රණ්ඩු වෙනවා මට ඕන තරම් ඇහිලා තියෙනවා. ඒත් අම්මවත් තාත්තවත් එයාලා අතර තියෙන ප්‍රශ්න කවදාවත් මට කියලා නැහැ. ඔය අතරෙදි අපේ ගෙදරට හරි අපූරු චරිතයක් ආවා. එයා සුරේෂ්. එයා තමයි ගෙදර ඩ්‍රයිවර් විදිහට අපේ ගෙදර හිටියේ. තාත්තගේ විශ්වාසවන්තම සේවකයා වුණේ සුරේෂ්. එයා සිටියේ අපේ ගෙදර කෙනෙක් වගේ. එයා මට සේවකයෙක් විදිහට පෙනුණේ සුදු පාට යුනිෆෝම් එක ඇන්දම විතරයි. ඒ දේවල් තාත්තගේ අණ පරිදි සිදු වුණත් අම්මයි මායි ඉදිරියේ සුරේෂ් හිටියේ අපේම කෙනෙක් වගේ....

උදේ හවස පේන සුරේෂ්ගේ මුහුණ මගේ හිතේ පුදුම විදිහට ලැඟුම් ගත්තා. මාව උදේට ඉස්කෝලෙට දාලා හවසට එක්කගෙන එනකොට ඉස්සරහ කණ්ණාඩියෙන් හොරෙන් බලන හැටි මතක් වෙන්න ගන්න කොට හිතට ඉඳිකටුවකින් අනිනවා වගේ දැනුණා. මගේ හිත නොදැනීම සුරේෂ් ආදරය කරනවා කියලා දැනුණත් ඒක කියන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඉස්කෝලේ ටියුෂන් පංතියේ කොල්ලො මට ප්‍රේමණීය ඇරියුම් කළත් මම හිටියේ අහංකාර චරිතයක් විදිහට. සමහරු කිව්වා මට සල්ලි තියෙන නිසා මම ආඩම්බරයි කියලා. ඇත්තටම තිබුණේ ආඩම්බරකමක් නොවෙයි. මගේ හිත ආදරේ කළේ සුරේෂ්ට. මගේ හිත තිබුණේ එයා ළඟ විතරයි.

එතකොට සුරේෂ්ගෙයි, ඔයයි අතරේ ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණද?

මුලින්ම ආදරේ කළේ මම. එයා බයවුණා මට ආදරේ කරන්න. ඒත් මගේ ලෝකේ වීරයා වුණේ එයා. ඒ ආදරේ මොකද්ද කියලා වචනයෙන් කියන්න බැරි තරම්. ඒ තරම්ම මම සුරේෂ්ට ආදරේ කළා. අපිට මුණ ගැසෙන්න බාධා තිබුණේ නැහැ. මොකද සුරේෂ් එක්ක මට ටියුෂන් පන්ති යන්න තාත්තා අවසර දුන්නා.

මේ දේවල් එක්ක ජීවිතේ මට දැනුණේ පාවෙන සරුංගලයක් වගේ. අපේ සිහින ලෝකේ පරාදීසය වුණේ වාහනේ ඇතුළෙමයි. අපි උපරිම නිදහස බුක්කි වින්දා. මම සුරේෂ්ට කොච්චර ළං වුණාද කියනවානම් ලෝකෙටම හොරා මම  ගැහැණියෙක් වුණා. ඉතිරි වෙලා තිබුණේ නීතිය ඉදිරියේ විවාහ වෙන්න විතරයි. ජීවිතේ ඔය විදිහට ගලාගෙන යද්දි හිටපු ගමන් හිතාගන්න බැරි විදිහේ මහා පුදුම දෙයක් සිද්ධ වුණා.

දවසක් මම ක්‍ක්ි ගිහින් ගෙදර එනකොට ගෙදර අමු සොහොනක් වගේ. ගෙදර බඩු හැමතැනම විසිකරලා. තාත්තා හොඳටම බීලා හිටියේ. අම්මා ගැන ඇහුවම තාත්තා මට ගැහුවා. තාත්තා මුකුත්ම කිව්වෙ නැහැ. මම ඊළඟට ගියේ සුරේෂ්ව සොයාගෙන. එයා ගෙදර හිටියෙත් නැහැ. තාත්තා මගේ ළඟට ඇවිල්ලා කිව්වා ආයේ අම්මා ගැන අහන්න එපා. අම්මා සුරේෂ් එක්ක පැනලා ගිහින් කියලා.

එතකොට සුරේෂ්ට වයස කීයද?

සුරේෂ්ට අවුරුදු 22 යි. තාත්තට ගොඩක්ම දුක තාත්තා සුරේෂ්ට සැලකුවේ ගෙදර කෙනෙක් වගේ. ඒ වෙලාවේ මගේ මුළු ලෝකෙම කඩා වැටුණා. කෑ ගහලා පොළවෙ හැපිලා තාත්තව තවත් අසරණ කරන්න බැරි නිසා කාමරේ දොරවහගෙන ඇති වෙනකම් මම ඇඬුවා. තාත්තා අම්මට බැන්නේ තිරිසන් සතෙකුට වගේ. සුරේෂ්ගේ ෆෝන් මුකුත් වැඩ කළේ නැහැ. හිත සුරේෂ්ව සොයාගෙන යන්න කියලා බල කළත් කොහේ කියලා සොයන්නද? මේ විදිහට මාස දෙකක් විතර ඉන්නකොටම අම්මා තාත්තගෙන් දික්කසාද වෙන්න දාලා කියලා ගෙදරට ලියමනක් ආවා. දෙවරක් නොසිතම තාත්තා අම්මගෙන් අයින් වුණා.

ඊට පස්සේ මොකද වුණේ?

තාත්තා අම්මගෙන් අයින් වෙලා මාසයක් ගියෙත් නැහැ. තාත්තා වෙනත් විවාහයක් කරගත්තා. සුරේෂ් මාත් එක්ක යාළුවෙලා ඉන්න කාලෙත් අම්මා එක්ක සම්බන්ධතා පවත්වලා තියනවා. සුරේෂ් ඇත්තටම එහෙම දෙයක් කළා කියලා මගේ හිත පිළිගන්නේ නැහැ. ඒ තරම් සුරේෂ් මට ආදරය කළා. තාත්තගෙ දෙවැනි විවාහයෙන් පස්සේ මම හැදුණේ වැඩුණේ ආච්චි ළඟ. ඒ කියන්නේ නැන්දගේ ගෙදර. ටික දවසක් යනකොට ඒ දරු සෙනෙහස පෑළ දොරෙන් පැනලා ගියා....

නිලුකා ආදරේ කළේ සුරේෂ්ට. නිලුකගේ අම්මා සහ සුරේෂ් අතර හොර රහසේ පැවැති ප්‍රේම සම්බන්ධතාව නිලුකාගේ පියාගේ නෙත ගැටෙන්නේ තම නිවස තුළදිමයි. ඒ අවස්ථාවේදී උචිතයි කියා සිතූ දේත් එක්ක නිලුකාගේ මව සුරේෂ් සමඟ වෙනම ජීවත් වීමට තීරණය කළා. පියාගෙ දෙවැනි විවාහයත් එක්ක නිලුකට හිමිවුණේ සිය මිත්තණියගෙත්, නැන්දණියගෙත් සෙනෙහස විතරයි. ඒත් ඒ ආදරේ තිබුණේ පුංචි කාලයක් විතරයි.

“නැන්දා මට සැලකුවේ සතෙකුට වගේ. මට හරියට ගැහුවා. වෙනස්කම් කළා. දවසක් මගේ හිතට ආපු තරහත් එක්ක මම නැන්දට අතේ තිබුණු පොරවෙන් ගැහුවා. නැන්දට ගොඩක් තුවාල වුණා. ඒ වෙලාවෙම මම ගෙදරින් පැනලා ආවා. අම්මා අපෙන් අයින් වුණත් මාත් එක්ක කථා බහ කළා. මම ගෙදරින් පැනලා අම්මා ළඟට ගියා. ආයෙම සුරේෂ්ව දැක්කම මාව ගල් ගැහුණා. අම්මා නිතර මත්පැන් පාවිච්චි කළා. ගෙදර ඉන්න කාලෙත් ඒ දේවල්වලට තාත්තගෙන් තහනමක් තිබුණේ නැහැ. අම්මා ළඟට ගියාට පස්සේ මාත් ඒ දේවල්වලට ඉබේටම යොමු වුණා. සුරේෂ් ආයෙම මගේ ජීවිතේට ආවා. අම්මට නොදැනෙන්න සුරේෂ් මටත් ආදරේ කළා. මට සුරේෂ් ගැන ඊර්ෂ්‍යා හිතුණු අවස්ථා තිබුණා. ඔය විදිහට ඉන්නකොට අවස්ථා කීහිපයකදීම මම සුරේෂ්ට පැනලා යන්න කථා කළා. ඒත් සුරේෂ් කැමති වුණේ නැහැ. අම්මා ගෙදර නැති වෙලාවට සුරේෂ් මට හරියට වද හිංසා කළා. සුරේෂ්ට මාව එපා වෙන්න ගත්තා. මට ඒ ගෙදරින් යන්න කියලා හරියට ගැහුවා. ඒ වෙනකොට සුරේෂ්ගෙන් අම්මට දරුවකු ලැබෙන්න හිටියා. දවස් ගාණක් සුරේෂ් මාව මරන්න හැදුවා. ඉවසගෙන ඉන්න බැරිම තැන මම පැනලා ගියා. බළංගොඩ මගේ පුංචි කෙනෙක් ඉන්නවා, මම පුංචි ළඟට ගියා. පුංචිගේ කඬේ වැඩ කරගෙන ඉන්නකොට ඒ කිට්ටුව ත්‍රීවිල් පාර්ක් එකේ අයියලා මගේ ගොඩක් හොඳ යාළුවෝ වුණා. මේ වුණ හැමදේම මම එයාලා එක්ක කිව්වා. ඒ අයියලා තමයි මා මේ ස්පා ආයතනයට දැම්මේ. මට දැන් ඇතිවෙන්න දේකුත් නැහැ, නැතිවෙන්න දේකුත් නැහැ. ආපු මුල් දවස්වලනම් මට මුකුත් හිතාගන්න බැරි වුණා. දැනට මම වැඩ කරන්නේ ජා-ඇළ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක. ගොඩක් එන්නේ විදේශිකයෝ. ආයුර්වේද කිව්වට ඇතුළේ සිද්ධ වෙන්නේ වෙන වෙන දේවල්. ඕව කියන්න ගිහින් මට මෙතනත් නැති වේවි නෝනා. දවසට අපට 20,000 විතරනම් ලැබෙනවා. 

එතකොට දැන් වයස කීයද?

මට තාම අවුරුදු දාහතයි. මැඩම් ළඟ මගේ වයසේ තවත් හතර පස් දෙනෙක් ඉන්නවා. හිටපු ගමන් පොලිසියෙන් පනිනවා. ඒ වෙලාවට වැඬේ දුරදිග ගෙනියන්නේ නැතිව මැඩම් පොලිසියට ජරාව දීලා ෂේප් කරගන්නවා. පොලිසියේ ලොකු ලොකු මහත්තුරුත් අපේ මැඩම් ළඟට තමයි එන්නේ.

මට දැන් කාත් කවුරුත් නැහැ. අම්මෙක්, තාත්තෙක්, නෑදෑයෙක්. ඉන්න තැනක් නැහැ. කාගෙන්වත් හව්හරණක් නැහැ. බොරු කියන්න ඕනේ නෑනේ.. මම හැම මත්ද්‍ර්‍යවයක්ම දැන් පාවිච්චි කරනවා. මට මේ දේවල් නතර කරගන්න ඕන. ඒත් මට ඒකට අවස්ථාවක් දෙන්න කවුරුත් නැහැ. මම මෙතනට ආපු මුල් දවස්වල සල්ලි හම්බ වෙන නිසා, සල්ලි හොයන්න ආස වුණා. ඒත් දැන් මට මේ ජීවිතේ එපා වෙලා. ආසයි සමාජයේ හොඳ කෙනෙක් වෙන්න. මාව මේ විදියට පාරට වැටුණේ අම්මගෙයි, තාත්තගෙයි වැරදි නිසා. මට ගෙවල් ගානේ අනාථයකු වගේ ඉන්න වුණේ එයාලගේ වැඩ නිසා. මම අහන්නේ ඇයි තේරෙන්නේ නැත්තේ අම්මගේ තාත්තගේ වැරදිවලට දුක් විඳින්නේ දරුවො කියලා. මට වෙන අහන්න දෙයක්වත්, කියන්න දෙයක්වත් ඉතුරුවෙලා නැහැ.

ඇයට වගේම මටත් තවත් ලියන්නට හෝ දෙයක් අහන්න ඉතිරිවී නැහැ. මන්ද සිතන්නට ඔබට බාරයි. 

මාපියන්ගේ තාවකාලික සතුටට වඩා අහිංසක දරුවගේ ජීවිතේ වටිනවා කියලා මොහොතකට හිතන්න පුළුවන්නම් දරුවන්ගේ ජීවිතේ මේ විදිහට විනාශ වෙන එකක් නැහැ නේද? මොකද හයහතරක් නොදන්න දරුවෝ මහ මිනිසුන්ගේ වැරදි නිසා මේ විදිහට පාරට වැටුණොත් නතර වෙන්න වෙන්නේ ගණිකා මඩමක කියලා හිතට ගත්තොත් හොඳයි. මොකද ඇහැ ගහන එකා බලන්නේ කීයක් හරි වැඩිපුර ගාණක් කපන්නනේ.. ඒ දැලට ඔයාගේ පුංචි එකීට අහුවෙන්න දෙන්න එපා. අමතක කරන්න එපා ඒ ඔයාගේ දරුවො කියලා.

No comments:
Write comments

Sponser

Online